KATUGODA Movement

කණ්ඩායම පිහිටවීමේ ප්‍රමුඛ අභිප්‍රාය.

We love village & villagers”
අපි ගම හා ගමේ ජනතාවට ආදරෙයි !!

අස්සලාමු අලෛයිකුම් !

කටුගොඩ හා නුගදුව ජනතාවනි හිතවත් (කටුගොඩ මුව්මන්ට්) කණ්ඩායමේ සාමාජිකයිනි, සියලු ප්‍රජා සේවා සංවිධාන, සංගමය සහ ක්‍රිඩා සමාජවල සාමාජිකයිනි ඔබව මෙම ගෲප් ඵකට සාදරයෙන් පිලිගන්නා අතර ඔබට අල්ලාහ් සුබහානවුතආලාගේ සියලු ආශිර්වාදය හා කරුණාව සහ ඔබේ සියලු යහපත් ක්‍රියාවන් සාර්ථක වේවායි පතමින්, නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරමි.           

දැනට කටුගොඩ හා නුගදුව වෙසෙන ජනතාව, කටුගොඩ, නුගදුව උපන් දැනට ලංකාවේ වෙනත් ප්‍රදේශයක හෝ විදේශ ගතව සිටින කටුගොඩ කෙරෙහි ඇල්මෙන් පසුවන ජනතාව අතර ද සහෝදරත්වය සාමූහික බැදීම්, උපරිම මට්ටමෙන් වර්ධනය කිරීමේ අටියෙන් උක්ත කණ්ඩායමේ සාමාජිකයන් තුල අවශ්‍ය වූ අදහස් (Share කිරීමට)  හුවමාරුවක් ඇති කිරීමට ද

අප ගමට අයත් පොදු දේපල (මුස්ලිම් දේවස්ථාන, පාසල්, ප්‍රජාශාලා, සුසාන භූමි, ක්‍රීඩාංගණ) යනාදී හා ඓතිහාසික සිදුවීම්, ප්‍රදේශය වෙනුවෙන් කරන ලද අමරණීය කැපකිරීම් කල විශේෂිත පුද්ගලයන් සහ ඉහත සඳහන් ඉතිහාසය විස්තර දන්නා සාමාජිකයන්ට ද මෙම කණ්ඩායම තුල ඔබටම එම විස්තර පලකිරීමට හැකිවනු ඇත.

ඔබ සතු පැරණි පින්තූර විස්තරය සමග (අප ගමට සම්බන්ධ) සහ අතීත සිදුවීම් හා වර්තමානයේ සිදුවන සිදුවීම් (ජනතාවට ප්‍රයෝජනවත් වන) ඔබට මෙම කණ්ඩායමේ පල කිරීමට ආරාධනා කරන අතර අප ගමේ ඉතිහාසය නොදන්නා අයටද මතු පරපුරට ද මෙය දැනගැනීම පිණිස (කටුගොඩ මුව්මන්ට් KATUGODA Movement යන කණ්ඩායම පිහිටවීමේ ප්‍රමුඛ අභිප්‍රාය වේ.

කරුණාවන්ත හා ආචාරශීලී වන්න

පිළිගැනීමේ පරිසරයක් හා ගමක් නිර්මාණය කිරීම සඳහා අපි සියල්ලෝම එකට සිටිමු. අපි හැමෝටම ගෞරවයෙන් සලකමු. මුස්ලිම් කෙනකුට අදාල ඉස්ලාම් ධර්මයට අනුකූලව ආචාරශීලීභාවය රැකීම ද මෙම හෙලිකිරීම හා පලකිරීම් (Post & Comments) වල අත්‍යවශ්‍යතාවය අපි නිතැතින්ම අවධාරණය කරමු.

සාමාජිකයන් තුල සමාජ අභිවෘද්ධිය සම්බන්ධ පිලිගත් නවෝද්‍යක් බලාපොරොත්තු වෙමු.

ජzසාකල්ලාහුකයිරා

'KATUGODA Movement' Community